''ඵල තියෙන රුකට ලු ගල් ගහන්නෙ'' - ඇමති ගම්මන්පිල

''ඵල තියෙන රුකට ලු ගල් ගහන්නෙ'' - ඇමති ගම්මන්පිල

by Staff writer 16-06-2021 | 7:50 PM

COLOMBO (NEWS1ST) :  විශ්වාසභංග යෝජනාව ඉදිරිපත්ව ඇත්තේ, සාගර කාරියවසම් මන්ත්‍රීතුමා අපහසුතාවයට පත්කිරීමේ අරමුණින් යැයි තමා විශ්වාස කරන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

සමගි ජන බලවේගය විසින් තමාට එරෙහිව අත්සන් කළ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය. විශ්වාසභංග යෝජනාවේ ඇති අඩුපාඩු සහ එහි සඳහන් කරුණුවල නොගැලපීම් ගැන ඉදිරියේදී රටට පැහැදිලි කරන බව ද අමාත්‍යවරා වැඩිදුරටත් පැවසී ය. ඔහු වැඩිදුරටත් පැවසුවේ, එවැනි ප්‍රකාශයක් සිදු කර තමාටත් ලොවටත් තමාගේ ශක්තිය පෙන්වීම සම්බන්ධයෙන් සාගර කාරියවසම් මහතාට පින් සිදු වන බවයි.

''මේ රටේ ජනතාව මාත් එක්ක කියන එක සහෝදර මැති ඇමතිවරු මාත් එක්ක කියන එක අතිගරු ජනාධිපතිතුමාත් ගරු අග්‍රාමාත්‍යතුමාත් මාත් එක්ක කියන එක මං දැනගත්තේ සාගර කාරියවසම් මැතිතුමාගේ ප්‍රකාශයත් එක්ක. එවැනි ප්‍රකාශයක් කරලා මාගේ ශක්තිය මටත් ලොවටත් පෙන්නුවට සාගර කාරියවසම් මැතිතුමනී ඔබට බොහොම පින්.මට නම් හිතෙන්නේ ඇත්තෙන්ම සාගර කාරියවසම් මන්ත්‍රීතුමාව අපහසුතාවයට පත්කිරීමේ අරමුණින් වෙන්න ඕනේ මේ විශ්වාස භංග යෝජනාව ගෙනාවේ.''