සිසුන්ට හා ගුරුවරුන්ට එන්නත ලබාදීමට අවධානය

දැනට ආසාදිතයින්ගේ යම් අඩුවක් දක්නට ලැබුණත්, ඉදිරි දින කිහිපයේ රෝගීන් වාර්තා වීම යළි ඉහළ යා හැකියි - සෞඛ්‍ය අංශ

by Staff writer 16-06-2021 | 11:44 AM

COLOMBO (News 1st) - දැනට කොරෝනා ආසාදිතයින් වාර්තා වීමේ යම් අඩුවක් දක්නට ලැබුණත්, ඉදිරි දින කිහිපය තුළ රෝගීන් වාර්තා වීම යළි ඉහළ යාමට ඉඩ ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ, මීට සතියකට පමණ පෙර රෝගීන් බහුලව වාර්තා වීම හේතුවෙන් අවදානම තවමත් පහව ගොස් නොමැති බවය. මේ අතර පාසල් ළමුන්ට සහ ගුරුවන්ට කොරෝනා මර්දන එන්නත ලබා දීම පිළිබඳව අවධානය යොමු කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ ය. ඔහු සඳහන් කළේ, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා ඒ පිළිබඳව ඉල්ලීමක් කර ඇති බවය.