ඩිලිවරි සේවා බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කෙරේ

ඩිලිවරි සේවා බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කෙරේ

by Hashini De Mel 16-06-2021 | 8:41 AM

COLOMBO (News 1st) - සංචරණ සීමා කාලය තුළ භාණ්ඩ බෙදාහැරීමේ සේවා (ඩිලිවරි සේවා) පවත්වාගෙන යාමට ලබා දී ඇති බලපත්‍රවල වලංගු කාලසීමාව ජුනි 21දක්වා දීර්ඝ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඒ, එම බලපත්‍ර සංචරණ සීමා ඉවත් කිරීමට සැලසුම් කර තිබූ පසුගිය 14 වැනිදායින් අවසන් වීමට තිබු බැවිනි. එම බලපත්‍ර භාවිත කරමින් ජනතාවට උපරිම සේවාවක් ලබා දෙන ලෙසට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා භාණ්ඩ බෙදාහරින පුද්ගලයින්ගෙන් ඉල්ලා සිටියේය.