නාගරික මන්ත්‍රීවරු දෙදෙනෙක් අත්අඩංගුවට

කොලොන්නාව නගර සභාවේ මන්ත්‍රීවරු දෙදෙනෙක් අත්අඩංගුවට

by Staff writer 16-06-2021 | 11:55 AM

COLOMBO (News 1st) - වැල්ලම්පිටිය, මීතොටමුල්ල ප්‍රදේශයේ වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩාවක සවිකර තිබූ යන්ත්‍රයක් සොරා ගැනීම සම්බන්ධයෙන් තවත් නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, කොලොන්නාව නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි. එම සොරා ගැනීම සම්බන්ධයෙන් මීට පෙර ද සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔවුන් දෙදෙනො අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.