ඔන්ලයින් ක්‍රමයට මත්පැන් අලෙවි කිරීමට එකඟතාවක්

ඔන්ලයින් ක්‍රමයට මත්පැන් අලෙවි කිරීමට මුදල් අමාත්‍යාංශයේ එකඟතාව

by Sagarika Chathumali 16-06-2021 | 1:31 PM

COLOMBO (NEWS1ST) :  ඔන්ලයින් ක්‍රමයට මත්පැන් අලෙවි කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයේ ප්‍රතිපත්තිමය එකඟතාව ලැබී ඇතැයි, සුරාබදු මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

ඊයේ (15) සුරාබදු කොමසාරිස්වරයා සඳහන් කළේ, ඔන්ලයින් ක්‍රමයට මත්පැන් ලබා ගැනීම සඳහා වූ ඉල්ලිම් සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ හා නිර්දේශ අනුමැතිය සඳහා මුදල් අමාත්‍යංශය වෙත ඉදිරිපත් කළ බවයි. මුදල් අමාත්‍යංශයේ අනුමැතිය ලැබුණ හොත් මාර්ගස්ථ ක්‍රමයට මත්පැන් බෙදාහැරිම සඳහා ඉතාමත් ම සීමිත කෝන්දේසි සහගත අවසරයක් පමණක් ලබා දිමට හැකි බව සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පැවසී ය. සුරාබදු කොමසාරිස්වරයා සඳහන් කළේ, ඔන්ලයින් ක්‍රමයට මත්පැන් ලබා ගැනීම සඳහා මත්පැන් කර්මාන්තයේ නියුතු ආයතන , ජාලගත සුපිරි වෙළෙඳසැල් මෙන්ම මත්පැන් පාරිභෝගිකයන් විසින් ද සුරාබදු දෙපාර්තමේන්තුවෙන් විවිධ ඉල්ලිම් කළ බවයි.