ඉන්දියාව සමග ණය සම්මුති ගිවිසුමක්

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අ‌මෙරිකානු ඩොලර් මිලියන 100ක ණය සම්මුති ගිවිසුමකට අත්සන් කෙරේ

by Staff writer 16-06-2021 | 6:42 PM

COLOMBO (News 1st) - සූර්ය බලශක්ති උත්පාදනය වැඩි කිරීමට ඉන්දියාව සමග අමෙරිකානු ඩොලර් මිලියන 100 ක ණය සම්මුති ගිවිසුමකට අත්සන් තබා තිබේ.

රජයේ ගොඩනැගිලි, ආගමික සිද්ධස්ථාන සහ අඩු ආදායම්ලාභී නිවෙස් දායක කර ගනිමින් සූර්ය බලශක්තිය උත්පාදනය රජයේ ප්‍රමුඛ සැලැස්මයි. එහි පළමු අදියර ලෙස පාර්ලිමේන්තුවට අවශ්‍ය විදුලි උත්පාදනය සඳහා ආදර්ශ වැඩපිළිවෙළක් ලෙස දියවන්නා ඔය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. එම ගිවිසුමේ ප්‍රධාන පාර්ශවකරුවෙකු ලෙස ඉන්දීය රජය, ඉන්දියානු අපනයන හා ආනයන බැංකුව මගින් අමෙරිකානු ඩොලර් මිලියන 100ක ණය මාලාවක් පිරිනැමීමට එකඟතාව පළ කරමින් දෙපාර්ශවය අතර ණය සම්මුති ගිවිසුමකට අද එළඹුණි.