පුද්ගලයින්ගෙන් ණය අයකර ගැනීමේදී මානුෂීයව සලකා බලන්න – අගමැතිගෙන් මහ බැංකු නිලධාරීන්ට උපදෙස්

පුද්ගලයින්ගෙන් ණය අයකර ගැනීමේදී මානුෂීයව සලකා බලන්න – අගමැතිගෙන් මහ බැංකු නිලධාරීන්ට උපදෙස්

පුද්ගලයින්ගෙන් ණය අයකර ගැනීමේදී මානුෂීයව සලකා බලන්න – අගමැතිගෙන් මහ බැංකු නිලධාරීන්ට උපදෙස්

කර්තෘ Staff writer

16 Jun, 2021 | 10:00 pm

COLOMBO (News 1st) – වර්තමාන ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මහ බැංකුවේ නිලධාරීන් සමග අද අරලියගහ මන්දිරයේදී සාකච්ඡා කර තිබේ.

එහිදී අග්‍රාමාත්‍යවරයා උපදෙස් දී ඇත්තේ, කොවිඩ් වසංගතය හමුවේ විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙමින් සිටින ජනතාවගෙන් ණය අයකර ගැනීමේදී ඔවුන් මුහුණපාන ගැටලු අවම කිරීම සඳහා සුදුසු පියවරක් අනුගමනය කරන ලෙසය.

වාරික ගෙවීමේදී පොලිය මුලින් ගෙවීමට සිදුවීම තුළින් ණය මුදල් ගෙවීමට නොහැකි වන තත්ත්වයට ණයකරුවන් පත්ව ඇති බවත් පොලිය මෙන්ම ණය මුදල ද ගෙවී යන පරිදි ක්‍රමවේදයක් සකස් කිරීමේ වැදගත්කමත් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.

අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ, ණය ලබාදීමේදී පදිංචි නිවස ඇපයට ගැනීමෙන් ණයකරුවන්ට නිවස ද අහිමිවන අවස්ථා කොතෙකුත් ඇති නිසා ඒ ගැන මානුෂීයව සලකා බලමින් ක්‍රමවේදය වෙනස් කිරීමට අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු වූ බවය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]