21 වැනි දා රට විවෘත වෙයි ද?

21 වැනි දා රට විවෘත වෙයි ද?

by Staff writer 15-06-2021 | 9:50 PM

COLOMBO (News 1st) - සති දෙකක් සංචරණ සීමා ක්‍රියාත්මක වුවද රෝගීන් වාර්තා වීමේ අඩුවක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසන්නීය.

රෝගීන් ප්‍රමාණය තවමත් අඩු නොවන්නේ ඇයි?

කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනි ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය,
රෝගීන්ගේ යම්කිසි සුළු අඩුවීමක් තියෙනවා. මම මේ කියන්නේ දත්ත අනුව. හැබැයි මරණ අඩුවක් නැහැ. මරණ අඩුවෙන්න සතියක් සති දෙකක් යනවා. අලුත් ප්‍රභේදයෙන් දින 10ක් ඇතුළතත් මරණ වෙනවා. සති දෙකක් වැහුවාට රෝගීන්ගේ අඩුවීමක් නැහැ සාමාන්‍යයෙන් විෂබිජ අස්වන සමය දවස් දෙකේ සිට දවස් 14 වහන වෙලාවේ විෂබීජ ඇතුළුවෙලා තියෙනවා නම් සති දෙකක් යනකං හැදෙන්න පුළුවන් තුන්වෙනි සතියේ තමයි අඩුවීමක් දකින්නේ තුන්වෙනි සතියේ ඉඳලා යම් කිසි අඩුවක් දකිනවා දත්ත අනුව.

21 වැනි දා රට විවෘත වෙනවා ද ?

කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා,
21 වැනි දා මේක විවෘත කරනවාද කියලා තීන්දු කරන්න වෙන්නේ 19, 20 වගේ දිනයක සියලු කරුණු විශ්ලේෂණය කරලා මේක සමහරක්විට අපේ බලාපොරොත්තුව විවෘත කරන්න හැබැයි ඒ බලාපොරාත්තුව සාධකත් එක්කයි ගැටෙන්නේ. ඒ තීන්දු තීරණ ගන්න වෙන්නේ බොහෝම පැහැදිලිව ඒ අවස්ථාවේදී ඇතිවෙන තත්ත්වයන් විශ්ලේෂණය කරමින්.

එන්නත් මාත්‍රා මිශ්‍ර කරන යෝජනාවට මොකද වුණේ ?

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය,
ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දුන්නා මේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත ගත්තාට පස්සේ දෙවන ඉන්නතක් විදියට ෆයිසර් එන්නත දෙන්න පුළුවන් කියලා ඒකට අවශ්‍ය පරීක්ෂණ දන්නවා එංගලන්තයේදී ඒවා සිද්ධ වුණා කියන එක මේ දෙක මික්ස් කරන්න පුළුවන්ද කියන එක ඉතින් අපිට ඇස්ට්‍රාසෙනෙකා එක සොයාගන්න බැරිනම් ෆයිසර් හොඳ එන්නතක් ඒක ලංකාවට ගෙනල්ලා ඒ අයට දෙන්න පුළුවන් නම් මම හිතනවා ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. ලංකාවේ එන්.එම්.ආර්.එකෙන් අනුමැතියක් ලැබිච්ච එන්නතක්.
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා,
බෝවන රෝග පිළිබඳව තියෙන විද්වත් උපදේශක කමිටුව තියෙනවා ලංකාවේ ඒ උපදේශක කමිටුව මගින් අවසානයේදී රජයට නිර්දේශ කරනවා. මේක කළ යුතුද නැද්ද කියලා එසේ නිර්දේශයක් ලැබුණහොත් ඒ අනුව කටයුතු කරන්න රජය තීරණය කරාවි නමුත් මේ මොහොත වෙනකොට එහේම නිර්දේශයක් ලැබිලා නැහැ.