by Staff writer 15-06-2021 | 6:30 PM
COLOMBO (News 1st) - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර හා උපපොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් යන මහත්වරුන් ගොනුකර ඇති පෙත්සම සම්බන්ධයෙන් නියෝගය හෙට(16) නිකුත් කිරීමට අභියාචනාධිකරණය අද තීරණය කර තිබේ.
ඒ, පෙත්සම නිශ්ශංක බන්දුල කරුණාරත්න හා ආර්. ගුරුසිංහ යන අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ලේ හමුවේ අද කැඳවූ අවස්ථාවේදීය.
හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු සැකකරුවන්ට එරෙහිව අසත්‍ය සාක්ෂි නිර්මාණය කළේ, යැයි චෝදනා කරමින් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තමන් ඇප මත මුදාහරින්නැයි ඉල්ලා ශානි අබේසේකර සහ සුගත් මෙන්ඩිස් යන මහත්වරුන් පෙත්සම ගොනු කර ඇත.
එමගින් ඔවුන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ, ගම්පහ මහාධිකරණය විසින් පසුගිය දෙසැම්බර් 08 වැනි දා තමන්ට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරමින් නිකුත් කළ නියෝගය ප්‍රතිශෝධනය කර තමන් ඇප මත මුදාහරින ලෙසය.