වාහන ගේන ගනුදෙනුව අතර මග නවතා දැමිය හැකිද?

වාහන ගේන ගනුදෙනුව අතර මග නවතා දැමිය හැකිද?

by Staff writer 15-06-2021 | 9:05 PM

COLOMBO (NEWS1ST) : සුපිරි වාහන 227 ක් ඇතුළු වාහන 399 ක් ගෙන්වන ගනුදෙනුව නැවැත්තුවා ද?

මේ කැබිනට් ප්‍රකාශක‍ අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද ඒ පිළිබඳව කැබිනට් මාධ්‍ය හමුවේදී මෙලෙස අදහස් පළ කළේ ය.
''ණයවර ලිපි ඕපන් කිරීමේදී කණ්ඩයම් තුනක් එකඟතාවයට එන්න ඕනේ එකක් භාණ්ඩාගාරය, මුල්‍ය ආයතනය, තුන්වෙනුව නිෂ්පාදකයා. එතකොට කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගත්තට පස්සේ ඊගාව ක්‍රියාවලියට අවතීර්ණ වෙන්න පුළුවන්. ඊළඟ ක්‍රියාවලියට අඟහරුවාදා බදදා වෙනකොට ඉතුරු කණ්ඩායම් දෙකත් සමඟ මහ භාණ්ඩාගාරය කතා කරලා, එහෙම නැත්නම් මුදල් අමාත්‍යාංශය සාකච්ජා කරලා ඉතා සාර්ථකව හැකියාවක් ලැබුණා. එම තීන්දුව ස්තාවර කරන්න මේය කැන්සල් කරන්න. මේ ණයවර ලිපිවල තිබ්බ සංකිරණතාවයන් ඔක්කොම ඉවත් කරලා එකඟතාවටකට එන්න පුළුවන් වුණා. එය අවලංගු කරන්න. ඕක තමයි සරල කතාව''
කෙසේ වෙතත් ලංකා බැංකුවේ ආරංචි මාර්ගවලට අනුව ප්‍රශ්නගත වාහන ආනයනය අත්හිටුවීමට අදාළව මෙතෙක් ගෙන ඇති එකම ක්‍රියාමාර්ගය වන්නේ ණය වර ලිපි අවලංගු කරන ලෙස මහා භාණ්ඩාගාරය විසින් ලංකා බැංකුවට දැනුම් දීමයි. ඉකුත් සිකුරාදා අදාළ ලිඛිත දැනුම් දීම බැංකුවට ලැබී තිබිණ. එම ඉල්ලිම අනුව ණයවර ලිපි අවලංගු කරන්නැයි ලංකා බැංකුවට තහවුරුකාර පාර්ශ්වය වන සිංගප්පූරුවේ බැංකුවට දැනුම් දිය හැකි මුත් අවලංගු කිරීම රඳා පවතින්නේ වාහන ඇනවුම් කළ ආණ්ඩුව සහ සැපයුම්කාර ජපානයේ ටොයෝටා සමාගම අතර ඇතිවන එකඟතා මතයි. ප්‍රශ්නගත වාහන කලින් නිෂ්පාදනය කළ ඒවා නොව ආණ්ඩුවේ ඇණවුම අනුව නිෂ්පාදනය කිරීමට මුලපිරූ ඒවා බැවින් ආණ්ඩුව කරන ඉල්ලීමට ටොයෝටා සමාගම කවර ප්‍රතිචාර දක්වනු ඇත්දැයි ප්‍රකාශ කළ නොහැකියි.

මෙවැනි පසුබිමක් තුළ ගනුදෙනුව අතර මග නවතා දැමිය හැකිද?