COLOMBO (News 1st) - අදත් දිවයිනේ ස්ථාන කිහිපයක වෙරළ තීරයන් කැස්බෑ, ඩොල්ෆින් සහ තල්මසුන්ගේ සුසාන භූමිය බවට පත් විය.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිබත් වීමත් සමග මියගිය සාගර ජීවින් වෙරළට ගොඩ ගැසීම දිනපතා සිදුවේ.
ඒ, මෙරට බටහිර සහ දකුණු වෙරළ තීරයන් ආශ්‍රිතවයි.
වැඩිම හානිය පෙනෙන්නට තිබෙන්නේ කැස්බෑවන්ටයි.
මියගිය කැස්බෑවන් අතර මඩ කැස්බෑවා, පොතු කැස්බෑවා, බටු කැස්බෑවන් වගේම ඉතා දුර්ලභ හම්බැක් වර්ගයේ ඩොල්ෆින් සත්ත්වයෙකු ද දක්නට ලැබේ.
පොතු කැස්බෑවා
අතිදුර්ලභ කැස්බෑ විශේෂයක් ලෙස සාගර විද්‍යාඥයින් හඳුනාගෙන ඇති මෙම පොතු කැස්බෑවා ශ්‍රී ලංකා සාගරයේත් දක්නට ලැබෙන්නෙ ඉතා කලාතුරකිනි.
ලොව මිල අධික ආභරණ නිෂ්පාදනය සඳහා මෙම කැස්බෑවන් බහුලව මරා දැමේ.
බටු කැස්බෑවා
මෙරට මුහුදෙන් වාර්තා වන කුඩාම කැස්බෑ විශේෂය වන බටු කැස්බෑවා මෙරටදී බහුලව දක්නට ලැබෙන්නේ කල්පිටිය මුහුදු තීරයෙනි.
කිලෝග්‍රෑම් 50 ක් පමණ වන තෙක් වර්ධනය වන මෙම සත්ත්වයින්ගේ ආයු කාලය වසර 80 ට අධිකයි.
මෙරට මුහුදු තීරයෙන් වාර්තා වන ඩොල්ෆින් විශේෂ අතර හම්බැක් ඩොල්ෆින් අතිදුර්ලභය.
මෙය කට ආශ්‍රිත කලපු ජලය මිශ්‍ර නොගැඹූරු මුහුදු තීරයේ වාසය කරන මෙම සත්ත්වයා මීට පෙර වාර්තා වී තිබුණේ, කල්පිටිය හා මන්නාරම ආශ්‍රිත මුහුදු තීරයෙන් පමණි.
ප්‍රශ්නය,
ඔබතුමන්ලා සත්ත්වවේදින්, පරිසරවේදීන් මේ මිය යන සත්ත්වයින් අරගෙන පරීක්ෂණ කරන්න ඔබතුමන්ලා ඉල්ලීමක් කළේ නැද්ද ?
පරිසරවේදී නයනක රන්වැල්ල මහතා,
අපි ඒ ගැන පැහැදිලි ඉල්ලිමක් කරලා තියෙනවා . රජයටත් යුතුකමක් තියෙනවා අපි ඉල්ලීමකුත් කරලා තියෙනවා .විශේෂයෙන්ම නාරා අයාතනය සහ වනජීවි දෙපාර්තමේන්තුව වහාම මුහුදේ එක් එක් ස්ථරවල තියෙන රසායනික ව්‍යුහය පිළිබඳව මුහුදේ තියෙන ජලයේ රසායනික ව්‍යුහය පිළිබඳව අපිට මේ වෙනකොටත් මුහුදේ පතුලේ විශාල රසායනික ද්‍රව්‍ය තියෙනවා කියලා දැන ගන්න ලැබී තියෙනවා .ඒ වගේම මේ නැවේ තිබුණු ඇතැම් දේවලුත් ඒ වගේම කාබනික රසායනික රසායනිකත් එකතු වෙලා ප්‍රථික්‍රියා කරන තත්ත්වයක් තමයි අපිය පේන්න තියෙන්නේ .අපි විශ්වාස කරන්නේ මේ කාරණාව මේ මරණවලට වල කියනවා කියලා .එක සතෙක් ගොඩ ගහද්දී 10 ක් මැරෙනවා.ඒ කියන්නේ දැන් 400 කට වඩා කැසැබෑවන් මිය ගිහින් තියෙනවා.
මේ අතර අද උදෑසන පානදුර වෙරළට තවත් මළ කැස්බෑවෙක් ගොඩ ගසා තිබුණි.
කිලෝ 50 ක් පමණ බරකින් යුතු මියගිය කැස්බෑවා පානදුර පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් භාරයට ගෙන තිබෙන්නේ වැඩි දුර පරීක්ෂණ සඳහායි.
අද කළුතර වෙරළ තීරයට ද තවත් මළ කැස්බෑවෙක් ගෙඩ ගසා තිබුණි.
බේරුවල, මරදාන වෙරළට ගොඩ ගැසුවේෙ කිලෝ 40 පමණ වන හොඳින් වැඩුණු කැස්බෑවෙකි.
මේ අතර කොස්ගොඩ මහපැලෑන වෙරළ තීරයටත් මියගිය කැස්බෑවෙකු ගොඩගසා තිබේ.
අම්බලන්ගොඩ, රද්දොඹේ මුහුදු තීරයෙන් අද සවස ගොඩට ආ පණ ඇති කැස්බෑවෙකු ප්‍රදේශවාසීන් විසින් අම්බලන්ගොඩ අබාධිත කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයට භාර දුන්නේ ය.
දහවල් යාපනය කයිට්ස් දූපතට මිය ගිය තල්මසෙකුගේ සිරුරක් ද ගොඩ ගසා තිබුණි
මේ වනවිට මළ කැස්බෑ සිරුරු 40 කට අධික සංඛ්‍යාවක් හා ඩොල්ෆින් සත්ත්වයින් 05 මියගොස් තිබේ.
තවමත් මෙම සතුනේගේ මරණවලට හේතුව අනාවරණය කර ගැනීමට අදාළ පර්යේශන නිලධාරීන් සමත් වී නැත.