by Staff writer 15-06-2021 | 3:43 PM
COLOMBO (News 1st) - පානීය ජල ගැටලුවට විසඳුම් නොමැතිව සිටි තවත් ගම්වැසියන් පිරිසක් වෙනුවෙන් ගම්මැද්ද අද නව ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.
පුත්තලම දිස්ත්‍රික්කයේ නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහමැද්දාව ග්‍රාම නිලධාරි වසමේ පිහිටි රළපනාව, පවුල් 200කට වැඩි ප්‍රමාණයක් සිටින ගමක්.
පිරිසිදු පානීය ජලය නොමැතිව ඔවුන් කලක සිට දැඩි ලෙස පීඩාවට පත්ව සිටි අතර ඔවුන්‌ගේ ගැටලුව අවසානයේ ගම්මැද්දට යොමු කළේය.
ගොවිතැන මුල් කරගත් දිවි පෙවෙතක් ගත කරන ඔවුන්ට ආර්ථික ගැටලු හමුවේ මුදලට ජලය ලබා ගැනීමට ද හැකියාවක් නැත.
ජල මූලාශ්‍ර අපවිත්‍ර වීම හේතුවෙන් ළිංවල ජලය ද බීමට සුදුසු තත්ත්වයක නොමැති බව ගම්වැසියන් පැවසුහ.
ඔවුන් වෙනුවෙන් ජල පෙරණ පද්ධතියක් සකස් කර දීම සඳහා ගම්මැද්ද අද මූලික කටයුතු ආරම්භ කළේ, සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමිනි.
මේ සඳහා ගම්මැද්ද සමග අත්වැල් බැඳගත්තේ අමෙරිකා එක්සත් ජනපදයේ පදිංචිව සිටින දෙවින්කා පුස්වැල්ල මහත්මිය සහ පවුලේ නෑදෑ හිතවතුන් පිරිසයි.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ පූර්ණ තාක්ෂණික සහයෝගය මත මෙහි ඉදිකිරීම් සිදු වේ.