තවත් කොරෝනා මරණ 55 ක්

තවත් කොරෝනා මරණ 55 ක් වාර්තා වෙයි

by Sagarika Chathumali 15-06-2021 | 7:44 PM

COLOMBO (NEWS1ST) : ඊයේ (14) දිනයේ මෙරටින් කොරෝනා ආසාදිත මරණ 55 ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (15) එම මරණ තහවුරු කරනු ලැබූ බවයි. මියගිය පිරිසෙන් 33 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 22 දෙනා කාන්තාවන් ය.