ඉන්දීය බුද්ධි අංශ අනාවරණයක්

ශ්‍රී ලංකාවේ සිට ආයුද සන්නද්ධ කණ්ඩායමක් රටට ඇතුළු වීමට උත්සාහ දරන බවට ඉන්දීය බුද්ධි අංශ අනාවරණයක්

by Staff writer 14-06-2021 | 11:02 PM

COLOMBO (NEWS1ST) :  ශ්‍රී ලංකාවේ සිට ආයුද සන්නද්ධ කණ්ඩායමක් ඉන්දියාවට ඇතුළුවීමට උත්සාහ දරන බවට ඉන්දීය බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ, තමිල්නාඩු ප්‍රාන්ත පොලීසිය සහ එරට මධ්‍යම බුද්ධි අංශය මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරමින් තමිල්නාඩු ප්‍රාන්තයේ ආරක්ෂාව තර කිරීමට එරට බලධාරීන් කටයුතු කර ඇති බවයි. මේ අතර විදෙස් මාධය වැඩිදුරටත් වාර්තා කරන්නේ ආයුධ සන්නද්ධ පිරිසක් ඉන්දියාවට ඇතුළුවීමට උත්සාහ දරන බවට තොරතුරු ලැබී ඇති බව ඉන්දීය මධ්‍යම බුද්ධි අංශය විසින් ඉකුත් සෙනසුරාදා (12) අනතුරු ඇඟවීමක් සිදු කර ඇති බවයි. එබැවින් කන්යාකුමාරි, දත්කුඩි, රාමේෂ්වරම් සහ චෙන්නායි යන නගරවල දැඩි සෝදිසි මෙහෙයුම් මේ වන විටත් ආරම්භ කර තිබේ. බුද්ධි අංශ ආරංචි මාර්ගවලට අනුව ආයුධ සන්නද්ධ පිරිසක් රැගත් බෝට්ටුවක් රාමේෂ්වරම් වෙරළ දෙසට ගමන් කර ඇති බවට ද තොරතුරු අනාවරණය කරගෙන තිබේ. කෙසේවෙතත් මෙම පුද්ගලයින්ගේ අනන්‍යතාවය හෝ සංවිධානය කුමක්ද යන්න මෙතක් තහවුරු කර ගෙන නොමැති බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් පවසයි.