රු. මිලියන 71ක කේරල ගංජා සමග තිදෙනෙකු කොටුවෙයි

රුපියල් මිලියන 71කට අධික කේරල ගංජා සමග තිදෙනෙකු පේදුරුතුඩුවේදී කොටුවෙයි

by Staff writer 14-06-2021 | 1:05 PM

COLOMBO (News 1st) - රුපියල් මිලියන 71කට අධික වටිනාකමින් යුත් කේරල ගංජා කිලෝ 237යි ග්‍රෑම් 500ක පමණ ප්‍රමාණයක් සමග සැකකරුවන් 03 දෙනෙකු නාවික හමුදාව භාරයට ගෙන තිබේ.

ඒ, පේදුරුතුඩුව මුහුදේ කළ විශේෂ මෙහෙයුමකදීය. නාවික හමුදාව පැවසුවේ, කේරල ගංජා ප්‍රවාහනයට යොදා ගත් ඩිංගි යාත්‍රාවක් ද සිය භාරයට ගත් බවය. අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 28 ත් 29 ත් අතර වයසේ පසුවන පේදුරුතුඩුව සහ අච්චුවේලි ප්‍රදේශයේ පදිංචිකරුවන් ය. සැකකරුවන්, කේරල ගංජා සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කන්කසන්තුරය පොලීසිය වෙත භාර දීමට නියමිතය.