බැසිල් හිටියනම් තෙල් මිල වැඩි වෙන්නේ නැද්ද?

බැසිල් හිටියනම් තෙල් මිල වැඩි වෙන්නේ නැද්ද? - ලංසා සහ නාලක⁣ගෙන් අමුතු කතාවක්..

by Hashini De Mel 14-06-2021 | 10:06 PM

COLOMBO (News 1st) - බැසිල් රාජපක්ෂ මහතා සිටියේනම් තෙල් මිල ඉහළ දැමීමට ඉඩ නොදෙන බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා පවසයි.

ඔහු ඒ බව පැවසුවේ, අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා,
බැසිල් රාජපක්ෂ මහත්තයා මොනවහරි කියන්න තියෙනවා නම් කෙළින් කියන කෙනෙක්. ඒ නිසා බැසිල් රාජපක්ෂ මහත්තයා හිටියා නම් මේ ඉන්ධන මිල ඉහළ දාන්න දෙන්නෙත් නැහැ එතුමා වෙනුවෙන් පෙනි සිටිනවා. සාගර කාරියවසම් මැතිතුමා එතුමාට පහළින් ආපු පීඩනය තමයි එතුමා පිට කරලා තියෙන්නේ. බැසිල් රාජපක්ෂ මැතිතුමාට ඕන නම් එතුමා ජනාධිපතිතුමාට කතා කරයි. එතුමා අගමැතිතුමාට කතා කරයි.
මේ අතර බැසිල් රාජපක්ෂ මහතා ජීවන වියදමි කමිටුවේ නොමැති අතර තෙල් මිල සම්බන්ධයෙන් තීරණ ගන්නේ ජීවන වියදම් කමිටුව බව රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා පැවසීය. මාධ්‍යවේදී ප්‍රශ්නය,
බැසිල් රාජපක්ෂ හිටියානම් මේ තෙල් මිල වැඩි වෙන්නේ නෑ කියලා යම් කතා මතු වෙනවා අපි දැක්කා ?
රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා,
ඒක වෙන්න බෑනේ තෙල් මිල සම්බන්ධ තීන්දු ගන්නේ ජීවන වියදම් කමිටුවෙන්නේ ඒක රජයේ කමිටුවක්නේ ඒකේ බැසිල් රාජපක්ෂ මහත්තයා ඒ කමිටුවේ නෑනේ.
  https://youtu.be/6FnGKtbdD94