1,198 ක් ගෙවුණු දිනයේ අත්අඩංගුවට

නිරෝධායන නීති කැඩූ පුද්ගලයින් 1,198ක් ගෙවුණු දිනයේ අත්අඩංගුවට

by Hashini De Mel 14-06-2021 | 8:37 AM

COLOMBO (News 1st) - නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පසුගිය පැය 24 තුළ පුද්ගලයින් 1,198ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මේ දක්වා කාලය තුළ නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 32,593 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. අද දිනයේත් මාර්ග බාධක, ජංගම සංචාර ක්‍රියාත්මක කරනු ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. මීට අමතරව බස්නාහිර පළාතෙන් පිටවන හා ඇතුළුවන ස්ථානවල විශේෂ මාර්ග බාධක ද විශේෂ ඩ්‍රෝන මෙහෙයුම් ද ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ. ලබන 21 වැනි දා දක්වා මෙම සංචරණ සීමාව ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.