ඉන්දියාවේ දෛනික කොරෝනා ආසාදිතයින්ගේ අඩුවක්..

ඉන්දියාවේ දෛනික කොරෝනා ආසාදිතයින්ගේ අඩුවක්..

by Staff writer 14-06-2021 | 6:22 PM

News 1st - දෛනිකව ඉන්දියාවෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයින්ගේ අඩුවීමක් දක්නට ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.

අද දිනයේ එරටින් වාර්තා වී ඇත්තේ, කොරෝනා ආසාදිතයින් 68,000 ක් බව විදෙස් මාධ්‍ය පවසයි. පසුගිය කාලසීමාවේ ඉන්දියාවේ දෛනික ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 3 ඉක්මවා වාර්තා විය. කෙසේ වෙතත් මේ වනවිට වාර්තා වන ආසාදිතයින්ගේ අඩුවීම හමුවේ දිල්ලි ඇතුළු ප්‍රාන්තවල කොරෝනා රෙගුලාසී සීමාවන්ට යටත්ව ලිහිල් කිරීමට ප්‍රාන්ත බලධාරීන් පියවර ගෙන තිබේ.