by Staff writer 14-06-2021 | 10:20 AM
COLOMBO (News 1st) - ඉන්ධන මිල ඉහළ යාමත් සමග පීඩාවට පත්ව සිටින බස් හිමියන්ට සහන සැලසීම සඳහා ඉදිරියේදී සාකච්ඡා කරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
අමාත්‍යවරයා පැවසුවේ, රුපියලකින්වත් බස් ගාස්තු ඉහළ නැංවීම සඳහා කටයුතු නොකරන බවය.
ජනතාවට දැරිය හැකි උපරිම ප්‍රමාණයට මේ වනවිට බස් ගාස්තු වැඩි කර ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
පසුගිය කාලයේ සංචරණ සීමා හේතුවෙන් ආසන ගණනනට පමණක් මගීන් ගෙන යායුතු බවට කොන්දේසි පැනවූ අවස්ථාවේදී 20%ක බස් ගාස්තු සංශෝධනයක් සිදු කළ බැවින් මෙවර ගාස්තු වැඩි කිරීමක් අවශ්‍ය නොවන බව ඔහු කියා සිටියේය.
නමුත් බස් හිමියන්ට ඉන්ධන සහනාධාරයක් වැනි යම් සහනයක් ලබා දීමට ඉදිරියේදී සාකච්ඡා කරන බව ද රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ගෑස් මිල සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අදහස් පළ කළේය.
ඔහු සඳහන් කළේ පැවසුවේ, ලෝක වෙළෙඳපොලේ ගෑස් මිල ඉහළ ගොස් තිබීම හේතුවන් මෙරටට සෘජුව බලපෑම් ඇති වුව ද රජය ගෑස් මිල වැඩි කිරීමට කිසිදු සූදානමක් නොමැති බවය.