ගිනි ගත් X-Press Pearl නැවේ කපිතාන් CID අත්අඩංගුවට

ගිනි ගත් X-Press Pearl නැවේ කපිතාන් CID අත්අඩංගුවට

ගිනි ගත් X-Press Pearl නැවේ කපිතාන් CID අත්අඩංගුවට

කර්තෘ Sagarika Chathumali

14 Jun, 2021 | 2:04 pm

COLOMBO (NEWS1ST) : ගිනිගත් එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් (MV X-Press Pearl) නෞකාවේ කපිතාන්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ , රුසියානු ජාතිකයෙකු වන සැකකාර කපිතාන්වරයා අද (14) පස්වරුවේ කොළඹ මහාධිකරණ අංක 01 වෙත ඉදිරිපත් කිරිමට නියමිත බවයි.

කොළඹ වරායට ඔබ්බෙන් වූ මුහුදේ නැංගුරම් ලා තිබියදී පසුගිය දා MV X-Press Pearl නෞකාව ගිනි ගැනිමට ලක් විය.

නෞකාවේ කපිතාන්වරයාට, ප්‍රධාන ඉංජිනේරුවරයාට සහ අතිරේක ඉංජිනේරුවරයාට රටින් පිටවීම වළක්වමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා පසුගිය ජුනි 1 වනදා නියෝගයක් ද නිකුත් කළේ ය.

අධිකරණය එම නියෝගය නිකුත් කළේ, නැවේ ගින්න සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වාර්තාවක් ඉදිරිපත් කරමින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

මේ අතර නෞකාවේ කපිතාන්වරයා ඇතුළු කාර්ය මණ්ඩලයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගැනීමට ද ඊට පෙර පියවර ගෙන තිබිණ.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]