ගාලු පාරේ කොළඹ දෙසට වාහන ධාවනය සීමාවේ

හෙට (14) උදෑසන සිට ගාලු පාරේ වැල්ලවත්ත සිට කොළඹ දෙසට වාහන ධාවනය සීමා කෙරේ

by Sagarika Chathumali 13-06-2021 | 9:14 PM

COLOMBO (NEWS1ST) :   මළ අපවහන පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන්, හෙට (14) උදෑසන සිට ගාලු පාරේ වැල්ලවත්ත සිට කොළඹ දෙසට මං තීරුවේ වාහන ධාවනය සීමා කරන බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, හෙට  උදෑසන මෙම අලුත්වැඩියාව සිදු කරන බව කොළඹ මහනගර සභාව දැනුම් දී ඇති බවයි. ඒ අනුව රථවාහන පොලීසිය  මුහුදු මාර්ගය ඔස්සේ   රථ වාහන හරවා යැවීමට කටයුතු කරනු ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය. ඒ අනුව අලුත්වැඩියාව නිම වන තුරුම ගාලු පාරේ කොළඹ දෙසට පැමිණන වාහන ගමනාගමය සීමා කෙරෙන අතර ඒ වෙනුවට විකල්ප මාර්ග භාවිත කරන මෙන් පොලීසිය රථවාහන රියැදුරන්ගෙන් ඉල්ලා සිටී. කෙසේ වෙතත් කොළඹ සිට දෙහිවල දෙසට ගමන් කරන මං තීරුවේ වාහන ගමනාගමනයට බාධාවක් නැතැයි , පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.