වැලිගම මුහුදේ හෙරොයින් ජාවාරමක් වටලයි

වැලිගම මෙහෙයුමකින් හෙරොයින් 200Kg ආරක්ෂ අංශ භාරයට (ඡායාරූප)

by Sagarika Chathumali 13-06-2021 | 8:46 AM

COLOMBO (NEWS1ST) :  වැලිගම, පොල්අතුමෝදර ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකින් හෙරොයින් කිලෝ ග්‍රෑම් 200ක් සමග ධීවර යාත්‍රාවක්, ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, රාජ්‍ය බුද්ධි සේවයට ලද තොරතුරක් මත නොවික හමුදාව, වෙරළාරක්ෂක බලකාය සහ මත්ද්‍රව්‍ය නාශකාර්යංශය ඒකාබද්ධ අද (13) අලුයම මෙම මෙහෙයුම සිදු කර ඇති බවයි. පසුගිය මැයි මස 11 වනදින ධීවර කටයුතු සඳහා පිටත් වූ බහුදින යාත්‍රාවකින් රැගෙන එන්නට ඇති බවට සැකකෙරෙන අතර අදාළ හෙරොයින් තොගය කුඩා යාත්‍රාවකට පටවා ගෙන වෙරළට පැමිණි අවස්ථාවේදී මෙලෙස  ආරක්ෂක අංශ භාරයට ගෙන ඇත. අදාළ මත් කුඩු තොගය දැනට කිලෝග්‍රෑම් 200කට ආසන්න බවට ගණනය කර ඇතත් තවදුරටත් මැන බැලීම් සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය. ගෑස් සිලින්ඩර් සහ ගෝනිවල අතුරා මෙම හෙරොයින් තොගය රැගෙන විත් ඇති අතර පොලිස් මධ්‍ය ප්‍රකාශකවරයා  සඳහන් කළේ ,අදාළ බහුදින යාත්‍රාවේ ගමන් කළ පිරිස ද අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි.