by Staff writer 13-06-2021 | 10:19 PM
COLOMBO (NEWS1ST) : මැති ඇමතිවරුන් සඳහා සුපෝඛභෝගී වාහන ආනයනයට ඉදරිපත්වී ඇති යෝජනාව සම්බන්ධයෙන් මේ වන විට ඇති වී තිබෙන්නේ සංවාදාත්මක තත්ත්වයකි.
බන්ධනාගාර ප්‍රථිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසන්නේ මැති ඇමතිවරුන් සඳහා වාහන මිලදී ගැනීම කළ යුතු බවයි.
රටේ සල්ලි වියදම් කර වාහන ගෙන එනවා යන්න වැරදි මතයක් බව ත් ණය පහසුකම අපතේ නොහැර වාහන ටික ගෙන්වීම සුදුසු බවත් රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.