වාහන ගෙන්වන යෝජනාවට සමගි ජන බලවේගය එකඟ නෑ

''මන්ත්‍රීන්ට වාහන ගේන මුදලින් සියලු ජනතාව එන්නත්කරණය කරන්න'' - විපක්ෂ නායක

by Sagarika Chathumali 13-06-2021 | 7:18 PM

COLOMBO (NEWS1ST) :  බදු ගෙවන ජනතාවගේ මුදලින් මන්ත්‍රීවරුන්ට වාහන ලබාදීම සඳහා වු රජයේ යෝජනාව සමගි ජන බලවේගය ප්‍රතික්ෂේප කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ, ට්විටර් පණිවුඩයක් යොමු කරමිනි. තව ද විපක්ෂ නායකවරයා ආණ්ඩුවට අවධාරණය කර සිටින්නේ, එම මුදල් භාවිත කර සියලු ශ්‍රී ලාංකිකයින් එන්නත්කරණය  කරන ලෙසයි.