නව දිල්ලි නුවර සීමා හෙට සිට ලිහිල් වෙයි

නව දිල්ලි නුවර සීමා හෙට සිට ලිහිල් වෙයි

by Staff writer 13-06-2021 | 5:03 PM

News 1st - කොරෝනා නිසා ඉන්දියාවේ නව දිල්ලි නුවරට පැනවූ සීමා හෙට(14) සිට ලිහිල් කිරීමට ප්‍රාන්ත බලධාරීන් තීරණය කර තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, කොරෝනා ආසාදිතයින් වාර්තා වීම අඩුවීම හේතුවෙන් එම පියවර ගෙන ඇති බවය. ඒ අනුව දිල්ලියේ සාප්පු සංකීර්ණ, ආපනශාලා සහ වෙළෙඳසැල් ද හෙට සිට දිනපතා විවෘත කළ හැකි වේ. රූපලාවන්‍යාගාර විවෘත කළ හැකි නමුත් සම්භාහන මධ්‍යස්ථාන විවෘත කිරීමට අවසර හිමිවන්නේ නැත. බස් රථවල ආසන සංඛ්‍යාවෙන් අඩකට මගීන් හෙට සිට ගෙන යා හැකි බව සඳහන් ය. පාසල්, විද්‍යාල සහ අධ්‍යාපන ආයතන තවදුරටත් වසා දැමෙනු ඇති. දිල්ලියෙන් මේ වනවිට වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 14 ඉක්මවා ඇති අතර වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 24,000කට අධිකය.