'තෙල්බාලා'ගේ දියණිය හෙරොයින් සමග අත්අඩංගුවට

'තෙල්බාලා'ගේ දියණිය හෙරොයින් සමග STF අත්අඩංගුවට

by Staff writer 13-06-2021 | 9:14 AM

COLOMBO (NEWS1ST) :  මෙරට අපරාධ රැසකට සම්බන්ධව ඉන්දියාවට පළා ගිය කරුපයියා බාලන් හෙවත් 'තෙල් බාලා' නමැත්තාගේ දියණිය අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකාය කොළඹ ග්රෑන්ඩ්පාස් ප්‍රදේශයේ කළ වැටලීමකදී ය. පොලිසිය පැවසුවේ ඇය සන්තකයේ තිබී හෙරොයින් ග්රෑම් 50 කට වැඩි ප්‍රමාණයක් සොයා ගත් බවයි. 41 හැවිරිදි සැකකාර කාන්තාව ඉදිරි විමර්ශන සඳහා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී තිබේ.