තවත් කොරෝනා මරණ 63 ක් තහවුරු කෙරේ

තහවුරු කළ කොරෝනා මරණ 63 පිළිබඳ විස්තර..

by Sagarika Chathumali 13-06-2021 | 9:40 AM

COLOMBO (NEWS1ST) : සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (12) දිනයේ තවත් කොරෝනා මරණ 63 ක් තහවුරු කරනු ලැබීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 2136 ක් දක්වා ඉහළ ගියේ ය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව ගෙවුණු දිනයේ (12) කොවිඩ් මරණ වාර්තා වී නොමැති අතර තහවුරු කරන ලද මරණ වාර්තා වී ඇත්තේ, මැයි 23 සිට මැයි 31 දක්වා මරණ 12 ක් සහ ජුනි 01 සිට ජුනි 11 දක්වා මරණ 51ක් ලෙසයි. ගෙවුණු දිනයේ (12) කොරෝනා මරණ වාර්තා වී නොමැත. එම මරණ වාර්තා වූ දිනයන් මෙසේ ය.. මැයි 23 – මරණ 02 මැයි 24 – මරණ 02 මැයි 25 – මරණ 03 මැයි 26 – මරණ 02 මැයි 29 – මරණ 02 මැයි 31 – මරණ 01 ජුනි 01 – මරණ 01 ජුනි 02 – මරණ 02 ජුනි 03 – මරණ 01 ජුනි 04 – මරණ 06 ජුනි 05 – මරණ 03 ජුනි 07 – මරණ 03 ජුනි 08 – මරණ 09 ජුනි 09 – මරණ 05 ජුනි 10 – මරණ 10 ජුනි 11 – මරණ 11 තහවුරු කළ මරණකරුවන් අතරින් 33 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 30 දෙනා කාන්තාවන් ය. තහවරු කරන ලද මරණ අතරින් නිවසේදී මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 07 ක් වන අතර තවත් 09 දෙනෙකු මිය ගොස් ඇත්තේ රෝහල්ගත කරන අවස්ථාව වන විටයි. ඉදිරි පුද්ගලයින් 47 දෙනා ම මියගොස් ඇත්තේ, රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී ය