''ජනතාව පාරට බහින දිනය දුර ඈතක නෙවෙයි...'' - මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

by Staff writer 13-06-2021 | 7:51 PM

COLOMBO (NEWS1ST) :  දිනෙන් දින ජනතා කෝපය වැඩි වන බවත් ජනතාවත් පාරට බහින දිනය වැඩි ඈතක නොවන බවත් අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති.

''ජනතා කෝපය දිනෙන් දින වැඩි වේ. ජනතාවත් පාරට බහින දුර ඈතක නෙවෙයි. රාජපක්ෂ පවුලත් මෙතැනින්ම අවසන් වේ. ඒකයි අපේ විශ්වාසය. එවන් තැකනට මග නොපාදා රට භාර ගන්නඩ. ජනතාව බාර ගන්නරට ගෙනියන්නඩ කියන එකයි අපේ ඉල්ලිම..''
ඉන්ධන මිල වැඩි කිරීම ගැන අදහස් පළ කිරීම සඳහා අද (13) මාධ්‍ය හමුවක් කැඳවමින් අභයාරාමාධිපති හිමියෝ මෙම අදහස් පළ කළහ. මේ අතර බලය සම්බ්න්ධයෙන් එදා මාඳුළුවාවේ සෝභිත හිමියන් සිදු කළ ප්‍රකාශයක් පිළිබඳව ද උන්වහන්සේ අද සිහිපත් කළහ.
''අපේ මාදුළුවාවේ සෝභිත හිමි ඉන්න කොට කිව්ව වචනයක් තමයි එක මනුස්සයෙක්ට මේ රටේ බලය දෙන්න එපා. ඒක රටේ විනාශයක් වෙන්න පුළුවන්. මේ අද වේලා තියෙන්නේ ඒකයි. එක මනුස්සයෙක්ට බලය දිලා ඉවර වෙලා වෙන වෙන දේවල් අද කෙරෙන්නේ...'' ''අපි කියනවා විධායක ජනාධිපතිවරයාට හැකියාව තියෙනවා. අපේ ගම්මන්පිල ඇමතිතුමා ඉන්ධන මිල ඉහළ නැග්ගත් මේ වේලාවේ කරන්න එපා. ජනතා අප්‍රසාදය අපිට වැඩි වෙනවා. ගම්මන්පිල කියලා කතා කරලා කියන්න.... ඒකයි විධායකය කියලා කියන්නේ. එහෙම නැත්නම් විධායක කමින් වැඩකුත් නැහැ..''