ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

by Sagarika Chathumali 13-06-2021 | 9:37 PM

COLOMBO (NEWS1ST) :  කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවුසවේ, කෑගල්ල දිස්ත්‍රික්කයේ, දැරණියගල, දෙහිඕවිට,  වරකාපොළ , අරණායක බුලත්කොහුපිටිය, යටියන්තොට, මාවනැල්ල , රුවන්වැල්ල සහ කෑගල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ අවට ප්‍රදේශවලට මෙලෙස අනතුරු ඇඟවීම් නිකුත් කළ බවයි. මීට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, කිරිඇල්ල, කුරුවිට සහ අයගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ද නායයාමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර  තිබේ.