නැවේ ගින්න සිදු වූයේ නොසැලකිලිමත්කමින්ද?

එක්ස්ප්‍රස් පර්ල් නැවේ ගින්න සිදු වූයේ නොසැලකිලිමත්කමින්ද? - පොලීසියෙන් අනාවරණයක්

by Staff writer 13-06-2021 | 10:09 AM

COLOMBO (News 1st) - මුහුදුබත් වෙමින් ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇති වූ ගින්න නොසැලකිලිමත්කමින් සිදුව ඇති බවට අනාවරණ වෙමින් ඇතැයි පොලීසිය පවසයි.

පොලීසිය සඳහන් කළේ, නෞකාවේ ගින්න සම්බන්ධයෙන් විමර්ශනය කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු සෙසු විමර්ශන කණ්ඩායම් මේ පිළිබඳව තවදුරටත් විමර්ශන කරමින් ඇති බවය. නොසැලකිලිමත්කමට පදනම් වූ ස්වභාවය ඒ අනුව අඛණ්ඩ විමර්ශනයට ලක්වනු ඇති. මේ අතර නෞකාවේ කළු පෙට්ටිය මේ වනවිට පරිගණක අපරාධ කොට්ඨාසය මගින් විමර්ශනයට ලක්කරමින් ඇතැයි ද පොලීසිය සඳහන් කළේ ය. නෞකාවේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් හා ඇති වූ සිද්ධිදාමය සම්බන්ධයෙන් මේ වනවිට 30 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. ඔවුන් අතර නෞකාවේ කපිතාන්වරයා ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයින් 25 දෙනෙක් ඇතුළත් ය. මේ පිළිබඳ විමර්ශනය කරන දේශීය විශේෂඥයින් 5 දෙනෙකුගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලීසිය ප්‍රකාශ කළේ ය.