පණ්ඩිතයන්ගේ උපදෙස්වලට රැවටෙන්න එපා අගමැතිතුමා

අමන පණ්ඩිතයන්ගේ උපදෙස්වලට අගමැතිතුමා රැවටුණොත් නැවෙන් වූ විනාශය තක්සේරු කර ගන්න බැහැ - පුජ්‍ය වකමුල්ලේ උදිත හිමි

by Staff writer 13-06-2021 | 9:55 PM

COLOMBO (News 1st) - ජාතික භික්ෂූ පෙරමුණ අද මාධ්‍ය හමුවක් පවත්වමින් අනතුරුදායක නෞකාව මෙරටට පැමිණීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ පැහැදිලි කිරීම ගැන අදහස් පළ කර තිබේ.

එහිදී පුජ්‍ය වකමුල්ලේ උදිත හිමි පැවසුවේ, අමන පණ්ඩිතයන්ගේ උපදෙස්වලට අගමැතිතුමා රැවටුණහොත් ගිනි ගත්ත නැවෙන් සිද්ධ වුණු දැවැන්ත විනාශය තක්සේරු කරගන්නට නොහැකි වන බවය. ජාතික භික්ෂු පෙරමුණේ ලේකම් පුජ්‍ය වකමුල්ලේ උදිත හිමි,
අපි දැක්කා ගොඩහේවා මහත්තයා කියනවා මේ නෞකාව නීති විරෝධි එකක් නෙවෙයි. මේක බලහත්කාරයෙන් ආපු එකකතුත් නෙවෙයි. මේක මේ එහෙම අනතුරු දායක එකකුත් නෙවෙයි. මේක අපිට කළින් වරායවල් දෙකකට, ඒ කියන්නේ ඉන්දියාවේ සහ තවත් වරායකට ගිහිල්ලා අවේ ඒ නිසා එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ කියලා එතුමා මේක මේ ඉතාම සරල කරනවා. සරල කරමින් වහන්නේ මොකක්ද, ගොඩහේවා මහත්තයෝ ඔබතුමාගේ ගොඩකම් මිනිස්සුන්ට මේ විදිහට ඉදිරිපත් කරන්න යන්න හදන්න එපා. ඔබතුමාන්ලා හංගනවා මේ නැව ඉන්දියාවේ සහ අනෙකුත් වරායන්වලට ගිහිල්ලා තමනුගේ බහාලුම් භාර ගත්තා නැව යැව්වා. ඒගෝල්ලන්ට කියනවා මේ නැවේ කපිතාන් මේ වගේ කාන්දුවක් තියෙනවා මේක හදා ගන්න ඉඩ දෙන්න කිව්වාම ඒ එක වරායක්වත් එක්ට ඉඩ දෙන්නේ නැ. ඒ ගොල්ලෝ තමන්ගේ බහාලුම් ටික භාර අරගෙන නැවට යන්න කියලා කියනවා. මෙහේ මොකක්ද වෙන්නේ, තමන්ගේ ටික භාරගෙන යන්න කියන්නේ නැහැ, නැවට එන්න කියලා කියනවා මේ විනාශය කැන්ද ගත්තා ඇයි එක ගොඩහේමා මහත්තයා හංගන්නේ. අපි කියනවා අගමැතිතුමා අනේ අගමැතිතුමනි, ඔබතුමාට මේ සම්බන්ධව සම්පුර්ණ දැනුමක් නැතුව ඇති. දැන් ඔබතුමාට උපදෙස් දෙන මේ අදාළකරණ කට්ටියනේ මේ. මේ අර එදා හිටපු කේවට්ට පණ්ඩිතයෝ වගේ අමන පණ්ඩිතයෝ මේ. දැන් මේගොල්ලෝ මේ කියන දේවල්වලට ඔබතුමා රැවටුණොතින් මේ නැවෙන් සිද්ධවෙච්ච මහ දැවැන්ත විනාශය තක්සේරු කරගන්න බැරිවෙනවා. මේකට අදාළ නීතිය ක්‍රියාත්මක කරගන්න බැරි වෙනවා.
https://youtu.be/cd0p6oWv2K0