home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
වැලිගම මෙහෙයුමකින් හෙරොයින් 200Kg ආරක්ෂ අංශ භාරයට (ඡායාරූප)
by Sagarika Chathumali
13-06-2021 | 8:46 AM
COLOMBO (NEWS1ST) : වැලිගම, පොල්අතුමෝදර ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකින් හෙරොයින් කිලෝ ග්‍රෑම් 200ක් සමග ධීවර යාත්‍රාවක්, ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, රාජ්‍ය බුද්ධි සේවයට ලද තොරතුරක් මත නොවික හමුදාව, වෙරළාරක්ෂක බලකාය සහ මත්ද්‍රව්‍ය නාශකාර්යංශය ඒකාබද්ධ අද (13) අලුයම මෙම මෙහෙයුම සිදු කර ඇති බවයි. පසුගිය මැයි මස 11 වනදින ධීවර කටයුතු සඳහා පිටත් වූ බහුදින යාත්‍රාවකින් රැගෙන එන්නට ඇති බවට සැකකෙරෙන අතර අදාළ හෙරොයින් තොගය කුඩා යාත්‍රාවකට පටවා ගෙන වෙරළට පැමිණි අවස්ථාවේදී මෙලෙස ආරක්ෂක අංශ භාරයට ගෙන ඇත. අදාළ මත් කුඩු තොගය දැනට කිලෝග්‍රෑම් 200කට ආසන්න බවට ගණනය කර ඇතත් තවදුරටත් මැන බැලීම් සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය. ගෑස් සිලින්ඩර් සහ ගෝනිවල අතුරා මෙම හෙරොයින් තොගය රැගෙන විත් ඇති අතර පොලිස් මධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ,අදාළ බහුදින යාත්‍රාවේ ගමන් කළ පිරිස ද අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි.
වෙනත් ලිපි
මත්පැන් පානය කරමින් සිටි පොලිස් නිලධාරියෙකු කොටු
මෙරට රන් පවුමක මිල රුපියල් 8000කින් පහළට..
කේරල ගංජා තොගයක් සමග ප්‍රා.සභා මන්ත්‍රීවරයෙකු කොටු
අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැති හිමි වූ යෝජනා..
ප්‍රදේශ රැසක වායු ගුණාත්මක භාවය අදත් පහළ මට්ටමක..
නොරොච්චෝල බලාගාරයේ ජනන යන්ත්‍ර 2ක් අක්‍රීයයි
විශේෂාංග
Gmail පරිශීලකයින්ටGmail ලිපිනය වෙනස්කිරීමට අවස්ථාව
මන්දනාගේ විවාහ උත්සවය කල්යයි..
වාර්තාවක් තියපු කෝපි කෝප්පයක්...
ඔබ තාමත් පාවිච්චි කරන්නේ Windows 10ද?
බිලියනපති රොනාල්ඩෝ...
Gmail පරිශීලකයින්ටGmail ලිපිනය වෙනස්කිරීමට අවස්ථාව
මන්දනාගේ විවාහ උත්සවය කල්යයි..
වාර්තාවක් තියපු කෝපි කෝප්පයක්...
ඔබ තාමත් පාවිච්චි කරන්නේ Windows 10ද?
බිලියනපති රොනාල්ඩෝ...
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය