
චීනයට විරුද්ධව කටයුතු කිරීමට ජී – 7 නායකයින් සන්ධානගත වෙයි
චීනයට විරුද්ධව කටයුතු කිරීමට ජී – 7 නායකයින් සන්ධානගත වෙයි
කර්තෘ Staff writer
News 1st – ජී – 7 සමුළුවේ නායකයින් චීනයට ප්රතිවිරුද්ධව කටයුතු කිරීමට සන්ධානගත වී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, චීනයෙන් එල්ල වන බලපෑම් දිනෙන් දින උග්‍ර වීම හමුවේ ජී – 7 රටවල නායකයින් එම පියවර ගෙන ඇති බවය.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ලොව අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේදී සහය දැක්වීමට සැලසුමක් සකස් කිරීම සඳහා ජී 7 නායකයින් අපේක්ෂා කරන බවය.
ඒ, සංවර්ධනය වෙමින් පවතින රටවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ මුවාවෙන් චීනය සිදුකරන බලපෑම් හේතුවෙනි.
මෙම සමුළුවේදී අමෙරිකාව, චීනයේ ණය රාජ්‍ය තාන්ත්‍රික පිළිවෙත විවේචනය කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
අමෙරිකාව දිගින් දිගට ම චෝදනා කළේ, චීනය ෂින්ජියෑන් පළාතේ කම්කරු ශ්‍රමය සූරාකමින් මානව හිමිකම් උල්ලංඝණය කරන බවටයි.
එම චෝදනා පදනම් කර ගනිමින් ඇතැම් අවස්ථාවල චීනයට සංචරණ සීමා ඇතුළු සම්බාධක පැනවීමටත් අමෙරිකාව, යුරෝපා සංගමය, කැනඩාව සහ එක්සත් රාජධානිය පියවර ගෙන තිබේ.
ලෝකයේ ධනවත්ම ප්රජාතන්ත්රවාදී රටවල් එක්ව සිදු කරන ජී – 7 සමුළුවෙහි දෙවන දිනයට එක්වෙමින් අමෙරිකානු ජනපති මේ බව පවසා ඇත.
- ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද රැස් වෙයි..
- ඇලයාපත්තුව නිවසක් ගනිගනී.. එකම පවුලේ තිදෙනෙක් මියයයි
- කර්මාන්ත ශාලාවක් අළු ගොඩක් කළ බිහිසුණු ගින්න
- එකඟතා කැඩුවොත් මණ්ඩලය එරෙහිව නඩු මගට යනවා,,මානව හිමිකම් කොමිසම අනතුරු අඟවයි
- එක් ඡන්ද දායකයකු වෙනුවෙන් දැරිය හැකි වියදුම රු.20යි,මැතිවරණ කොමිසමේ අලුත්ම තීරණය
- ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
- පවිත්‍රා වන්නිආරච්චිගේ නියෝගයක් බලරහිත කරමින් අභියාචනාධිකරණයෙන් රීට් ආඥාවක්..
- සර්ව පාක්ෂික සමුළුව ඇරඹේ..
- නීති විරෝධීව මුහුදු මගින් ප්‍රංශයේ රී-යූනියන් දූපත් වෙත යෑමට තැත් කළ ලාංකිකයන් 38 ක් නැවත පිටුවහල් කෙරේ.
- චීන එක්සිම් බැංකුව ලංකාවට ණය ගෙවන්න දුන් කාලය දීර්ඝ කරයි