කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

කර්තෘ Sagarika Chathumali

13 Jun, 2021 | 9:37 pm

COLOMBO (NEWS1ST) :  කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවුසවේ, කෑගල්ල දිස්ත්‍රික්කයේ, දැරණියගල, දෙහිඕවිට,  වරකාපොළ , අරණායක බුලත්කොහුපිටිය, යටියන්තොට, මාවනැල්ල , රුවන්වැල්ල සහ කෑගල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ අවට ප්‍රදේශවලට මෙලෙස අනතුරු ඇඟවීම් නිකුත් කළ බවයි.

මීට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, කිරිඇල්ල, කුරුවිට සහ අයගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ද නායයාමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර  තිබේ.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]