සියලු ආර්ථික මධ්‍යස්ථාන අද සහ හෙට විවෘතයි..

සියලු ආර්ථික මධ්‍යස්ථාන අද සහ හෙට විවෘතයි..

by Staff writer 12-06-2021 | 9:08 AM

COLOMBO (News 1st) - සියලුම ආර්ථික මධ්‍යස්ථාන අද(12) සහ හෙට(13) විවෘතව තැබේ.

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, තොග වෙළෙඳාම් කටයුතු සඳහා පමණක් සියලුම ආර්ථික මධ්‍යස්ථාන විවෘතව පවතින බවය. ඒ අනුව දඹුල්ල, තඹුත්තේගම, නුවරඑළිය, කැප්පෙටිපොළ, නාරාහේන්පිට, මීගොඩ, පිළියන්දල, රත්මලාන, වේයන්ගොඩ, වැලිසර සහ නාවලපිටිය යන ආර්ථික මධ්‍යස්ථාන සෞඛ්‍ය මාර්ගොපදේශ යටතේ විවෘත කෙරෙනු ඇති. කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, තොග වෙළෙඳාම් සඳහා පමණක් විවෘතව තැබුණ ද අත්‍යවශ්‍ය සේවා රාජකාරිවල යෙදී සිටින නිලධාරීන්ට සහ ජංගම අලෙවි රථ සඳහා ද සිය අවසර පත්‍රය ඉදිරිපත් කර ආර්ථික මධ්‍යස්ථානවලින් භාණ්ඩ මිලදි ගැනීමේ හැකියාව පවතින බවය. සංචරණ සීමා ඉවත් කරන බවට නිල වශයෙන් අමාත්‍යාංශයට දැනුවත් කිරීමෙන් පසුව දිනපතා ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීම පිළිබඳව තීරණයක් ගන්නා බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් ක