පාරිභෝගික අධිකාරියෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

සහල්, සීනි, බඩ ඉරිඟු සහ කිරිපිටි ආනයනකරුවන් ඇතුළු පාර්ශව රැසකට විශේෂ නියෝගයක්

by Staff writer 12-06-2021 | 9:17 AM

COLOMBO (NEWS1ST) :  සහල්, සීනි, බඩ ඉරිඟු සහ කිරිපිටි ආනයනකරුවන්, ගබඩාකරන්නන්, බෙදාහරින්නන්, නිෂ්පාදකයින්, රැස්කරන්නන් සහ තොග වෙළඳුන් වෙත පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ, තම තමන් භාරයේ ඇති ආහාර ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරු දින 07 ක් ඇතුළත ලියාපදිංචි කළ යුතු බවට නියෝග කරමිනි.