ඩ්‍රෝන මෙහෙයුමකින් 07ක් අත්අඩංගුවට

තලංගම ඩ්‍රෝන මෙහෙයුමකින් සංචරණ සීමා කඩ කළ 07ක් අත්අඩංගුවට

by Hashini De Mel 12-06-2021 | 10:44 AM

COLOMBO (News 1st) - නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 1,027 ක් පසුගිය පැය 24 තුළ මෙහෙයුම් වලින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

පසුගිය ඔක්තොම්බර් 30 වැනි දා සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 30,042 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. මේ අතර තලංගම, සිංහපුර ප්‍රදේශයේදී ඊයේ (11) සිදු කළ ඩ්‍රෝන මෙහෙයුමකදී සංචරණ සීමා උල්ලංඝණය කළ පුද්ගලයින් 07 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. නිරෝධායන සංචරණ නියෝගය ලබන 21 වැනි දා දක්වා ක්‍රියාත්මක වන බැවින් එම කාලය තුළ පළාත් සංචරණ සීමා ද ක්‍රියාත්මක අතර සාමාන්‍ය පරිදි ගමනාගමන කටයුතු සිදු නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.