වෝනර්, ස්ටොයිනීස් පන්දු සියය තරගාවලියෙන් ඉවත් වෙයි

ඩේවිඩ් වෝනර් සහ මාකස් ස්ටොයිනීස් පන්දු සියය ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වෙයි

by Staff writer 12-06-2021 | 9:12 AM

News 1st - ඔස්ට්‍රේලියාවේ ඩේවිඩ් වෝනර් සහ මාකස් ස්ටොයිනීස්, පළමු වරට පැවැත්වෙන ද හන්ඩ්‍රඩ් හෙවත් පන්දු සියය ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වී තිබේ.

විදෙස් වාර්තා පවසන්නේ, කොවිඩ් 19 වසංගතය නිසා පනවා ඇති නිරෝධායන නීති හේතුවෙන් ඔවුන් එම තරගාවලියෙන් ඉවත් වී ඇති බවය. වෝනර් සහ ස්ටොයිනීස් ලබන ජූලි සහ අගෝස්තු මාසවල පැවැත්වීමට නියමිත බටහිර ඉන්දීය කොදෙව් සහ බංග්ලාදේශ කණ්ඩායම්වලට එරෙහි තරගාවලි සඳහා ද තෝරාගෙන ඇත. එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය සංවිධානය කරන ද හන්ඩ්‍රඩ් ක්‍රිකට් තරගාවලිය අගෝස්තු 21 වැනි දා ආරම්භ කිරීමට නියමිතය.