නැවේ තෙල් කාන්දුව ගැන සෙවීමට CID කණ්ඩායමක්

ගිනිගත් නැවේ තෙල් කාන්දුවක් සිදුවනවාදැයි සෙවීමට CID කණ්ඩායමක් අද එම මුහුදු ප්‍රදේශයට..

by Staff writer 12-06-2021 | 2:20 PM

COLOMBO (News 1st) - ගිනිගෙන මුහුදුබත් වෙමින් ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තෙල් කාන්දුවක් සිදුවනවා ද යන්න සොයා බැලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) කණ්ඩායමක් ඒ ආශ්‍රිත මුහුදු ප්‍රදේශයට අද යාමට නියමිතය.

පොලීසිය පැවසුවේ, අදාළ කණ්ඩායම විසින් එම ස්ථානය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ජල සාම්පල ලබා ගැනීමට නියමිතව ඇති බවය. ලබා ගන්නා ජල සාම්පල ඉදිරි විමර්ශන සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට පියවර ගන්නා බව ද පොලීසිය පැවසීය.