PCR සහ එන්නත් ඉල්ලා පිරිසක් නිහඬ විරෝධතාවක

කොවිඩ් නිසා සිව්දෙනෙකු මියගිය ගමක පිරිසක් PCR සහ එන්නත් ඉල්ලා නිහඬ විරෝධතාවක

by Staff writer 12-06-2021 | 7:30 PM

COLOMBO (News 1st) - මතුගම, තඹරැටිය ගම්මානයේ ජනතාව අද නිහඬ විරෝධතාවක නිරත විය.

ඒ, ගම්මානයේ පුද්ගලයින් 04 දෙනෙකු කොවිඩ් ආසාදිතව මියගොස් ඇති පසුබිම තුළ බලධාරීන්ගේ අවධානය ඊට යොමුව නොමැති බවට චෝදනා කරමිනි. පවත්නා සංචරණ සීමාවලට අනුගත වෙමින් තම නිවෙස්වල කඩුල්ල අසළට පැමිණ ජනතාව විරෝධතාවයේ නිරත වූ බව අප වාර්තාකරු සඳහන් කළේ ය. වහාම එන්නත් ලබාදීම P.C.R පරීක්ෂණවලට යොමු කිරීම මෙන්ම බොහෝ පිරිසකගේ ආදායම් මාර්ග අහිමි වී ඇති බැවින් සහන වැඩපිළිවෙළක් සලසන ලෙස ද ගම්වැසියන් ඉල්ලා සිටියහ. ඔවුන් චෝදනා කළේ, ජංගම සේවා මගින් ගම තුළට පැමිණෙන අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල අධික මෙන්ම ඒවා ප්‍රමිතියෙන් බාල බවය.