මත්පැන් බැරලයක් පිපිරීමෙන් පුද්ගලයෙකු මරුට

අම්පාරේදී මත්පැන් බැරලයක් පිපිරීමෙන් පුද්ගලයෙකු මරුට

by Hashini De Mel 12-06-2021 | 11:03 AM

COLOMBO (News 1st) - අම්පාර, මල්වත්ත ප්‍රදේශයේදී ඊයේ(11) අලුයම නීති විරෝධී ලෙස පෙරමින් සිටි මත්පැන් බැරලයක් පිපිරීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, මිය ගිය පුද්ගලයා 53 හැවිරිදි මල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවය. පිපිරීමෙන් තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර ඔහු රෝහල්ගත කර තිබේ. මිය ගිය පුද්ගලයාගේ දේහය සමන්තුර රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයකින් අනතුරුව එය මුදා හැරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. සමන්තුර පොලීසිය මේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරෙනු ඇති.