by Staff writer 12-06-2021 | 8:13 AM
COLOMBO (News 1st): තිරිඟු පිටි මිල ඉහළ දැමීමට පිටි සමාගම් පාරිභෝගික කටයුතු අධිකාරියෙන් ඉල්ලීමක් කර තිබේ.
පාරිභෝගික ආරක්ෂණ අමාත්‍යාංශය සඳහන් කළේ, අදාළ ඉල්ලීම මේ වනවිට තම අමාත්‍යාංශයට යොමු කර ඇති බවය.
ඔවුන් සඳහන් කර ඇත්තේ නිෂ්පාදන මිල ඉහළ යාම සහ මෙරට විදේශ විනිමය අනුපාතවල පහළ යාම හේතුවෙන් සිය නිෂ්පාදන සඳහා යන පිරිවැය වැඩි වී ඇති බවය.
එහෙත් පාන්පිටි මිල ඉහළ දැමීම සඳහා මෙතෙක් අවසර දී නොමැති බව අමාත්‍යාංශය සඳහන් කළේය.