G7 න් දිළිඳු රටවලට COVID එන්නත් මාත්‍රා බිලියනයක්

G7 න් දිළිඳු රටවලට COVID එන්නත් මාත්‍රා බිලියනයක්

by Staff writer 11-06-2021 | 8:05 AM

COLOMBO (NEWS1ST) :  දිළිඳු රටවලට කොරෝනා එන්නත් මාත්‍රා බිලියනයක් පරිත්‍යාග කිරීමට G7 නායකයින් තීරණය කර තිබේ.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සඳහන් කළේ, අදින් ආරම්භ වන සමුළුවේදී ඒ සඳහා G7 සාමාජිකයින්ගේ එකඟතාව ලබාගැනීමට නියමිත බවයි. 2022 වසර වන විට සමස්ත ලෝකවාසීන්ටම එන්නත් ලබාදි අවසන් කළ යුතු බවට වන යෝජනාවක් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මේ වන විටත් G7 නායකයින්ට ඉදිරිපත් කර අවසන් ය. අමෙරිකාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, කැනඩාව සහ ජපානය යන රටවල්, G7 කණ්ඩායමට ඇතුළත් වේ. 47 වැනි G7 නායක සමුළුව,  අද ආරම්භ වේ. දින තුනක් පුරා පැවැත්වෙන මෙවර සමුළුවේ තේමාව වන්නේ, වසංගතයෙන් මිදී සමෘද්ධිමත් අනාගයක් නිර්මාණය කරමු යන්නයි.