සෞඛ්‍ය සේවකයින් අද විරෝධතාවක

සෞඛ්‍ය වෘත්තීය සමිති 26ක් අද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක..

by Staff writer 11-06-2021 | 8:25 AM

COLOMBO (News 1st) - ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව අද(11) පෙරවරුවේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීමට නියමිතය.

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේ, ඊට වෘත්තීය සමිති 26ක සාමාජිකයින් එක්වන බවයි. මීට සමගාමීව රට පුරා විරෝධතා ව්‍යාපාරයක් ද ක්‍රියාත්මක බව ඔහු සඳහන් කළේ ය. මේ පිළිබඳව කළ විමසීමකදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ, අදාළ වෘත්තිය සමිති සමග ගැටලු පිළිබඳ සාකච්ඡා කළ ද විසඳුමකට පැමිණීමට නොහැකි වූ බවය.