ස්පුට්නික් මාත්‍රා 65,000ක් මෙරටට

ස්පුට්නික් එන්නත් මාත්‍රා 65,000ක් දිවයිනට

by Staff writer 11-06-2021 | 8:11 AM

COLOMBO (News 1st) - ස්පුට්නික් V එන්නත් මාත්‍රා 65,000 රැගත් ගුවන් යානයක් අද(11) උදෑසන කටුනායක ගුවන් තොටුපොළට ළඟා වී තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ, ගොතටුව ප්‍රදේශයේ ජනතාවට දෙවන මාත්‍රාව ලබාදීම සඳහා ඉන් එන්නත් මාත්‍රා 15,000ක් යොදා ගන්නා බවය. අනෙක් එන්නත් මාත්‍රා 50,000 සුදුසු පරිදි ලබා දීමට නියමිතව බව ඔහු ප්‍රකාශ කළේ ය.