by Staff writer 11-06-2021 | 9:15 PM
COLOMBO (NEWS1ST) : ඛනිජතෙල් මිල ගණන් ඉහළ දැමීමට රජය සූදානම් වෙද්දී තවත් පසෙකින් සුඛෝපභෝගී වාහන තොගයක් ගෙන්වීමේ යෝජනාව පිළිබඳව ද සංවාදයක් පවති.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද මාධ්‍ය හමුවක් පවත්වමින් අනාවරණය කළේ, සුභෝපභෝගී ජීප් රථ ඇතුළු වාහන 399 ක් ගෙන්වීමට ඉදිරිපත්වූ කැබිනට් යෝජනාව ඉදිරිපත් කිරීමට පෙර වාහන සඳහා ණයවර ලිපි විවෘත කර ඇති ආකාරයක් පෙනී යන බවයි.
අනුර කුමාර දිසානායක මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ, මන්ත්‍රිවරයාට කිසි විදිහකින් මෙලෙස ගන්නා වාහනයේ නැග ගමට ඒමට ඉඩ නොදෙන ලෙසයි.
තව ද මෙය මේ අවස්ථාවේ මිනිස් සිරුරු මතින් වාහනය යනවා වැනි ක්‍රියාවක් බව ත් එය නතර කිරීමට ආණ්ඩුවට කටයුතු කළ යුතු බවත් ජවිපෙ නායකවරයා අවධාරණය කර සිටියේ ය.