මහබැංකුවෙන් ලීසිං හා මූල්‍ය සමාගම් වෙත දැනුම්දීමක්

මහ බැංකුවෙන් ලීසිං හා මූල්‍ය සමාගම් වෙත දැනුම් දීමක්

by Staff writer 11-06-2021 | 3:30 PM

COLOMBO (NEWS1ST) :  කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ බලපෑමට ලක්වූ පුද්ගලයින් හා ව්‍යාපාර වෙත ලබා දී ඇති ණය සහන දීර්ඝ කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව බලපත්‍රලාභී ලීසිං හා විශේෂිත මූල්‍ය සමාගම් වෙත දැනුම් දී තිබේ.

ඒ ඊයේ දින නිකුත් කළ විශේෂ චක්‍රලේඛයක් මගිනි. මහ බැංකුව පැවසුවේ, කොවිඩ් වසංගත තත්වය හමුවේ පීඩාවට පත්වූ පුද්ගලයින්ගේ ඉල්ලීම් සලකා බලා එම නව චක්‍රලේඛය නිකුත් කළ බවයි. ඒ අනුව ණය හා ලීසිං සහන ලබා ගැනීමට අපේක්ෂා කරන පුද්ගලයින් ඒ සඳහා වන ලිඛිත අයදුම් පත්‍රය ජුලි 15 වැනිදාට පෙර අදාළ මූල්‍ය ආයතනය වෙත ඉදිරිපත් කළ යුතු වේ. අදාල ඉල්ලීම් ඊමේල් හා කෙටි පණිවුඩයක් මගින් ද සිදුකළ හැකියි. එසේම කොවිඩ් තුන් වැනි රැල්ල හමුවේ බලපෑමට ලක්ව ඇති ව්‍යාපාර හා පුද්ගලයින්ගේ ණය හා ලීසිංවලට අදාළව ප්‍රාග්ධනය හා පොළිය යන අංශ දෙකම සැලකිල්ලට ගිනිමින් සහන ලබාදිය යුතු බව මහ බැංකුව නිකුත් කළ චක්‍රලේඛයෙ සඳහන් ය. එහි වැඩිදුරටත් දැක්වුණේ කිසියම් පුද්ගලයෙකුගේ ණය හෝ ලීසිං සහනය දීර්ඝ කිරීම ප්‍රතික්ෂේප කරන්නේ නම්, සියලු මූල්‍ය ආයතන ඊට හේතුව දැක්වීම අනිවාර්යය බවයි. සියලු ණය සහන 2021 අගෝස්තු 31 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි ලබා දිය යුතුවේ.