by Staff writer 11-06-2021 | 10:44 PM
COLOMBO (News 1st) - දිවයිනේ ප්‍රදේශ ගණනාවකින් මහා පරිමාණයෙන් සහල් මංකොල්ල කෑ කාන්තාවක් ඇතුළු පිරිසක් අද(11) පොලීසියට කොටු විය.
සහල් ව්‍යාපාරයක් පවත්වාගෙන යන බව අඟවමින් කාන්තාවක් විසින් වාරියපොළ සහල් තොග වෙළෙඳ සැලකින් රුපියල් ලක්ෂ 12ක පමණ සහල් ඇණවුම් කර තිබුණි.
සහල් තොගය පානදුරට රැගෙන යා යුතු බව පවසා යක්කල නගරයේදී ඔවුනගේ ලොරියකට මාරු කර මුදල් ලබාදීම පිණිස යක්කල පෞද්ගලික බැංකුවක් අසළට පැමිණෙන ලෙස පවසා පළා ගොස් ඇති බවට පොලීසියට තොරතුරු ලැබුණි.
ලොරියෙ අංකය, සහල් තොගය රැගෙන ආ අයෙකුගේ මතකයේ තිබූ බැවින් මේ පිළිබඳව යක්කල පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව සැකකාරිය හා තවත් දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබුවේ පානදුර ප්‍රදේශයේදීය.
ඒ වනවිටත් සහල් කිලෝ 11800 ක් මීගොඩ පානදුර සහ පිළියන්දල වෙළෙඳ සැල්වලට අළෙවි කර තිබුණි.
එම සහල් ද පොලීසිය භාරයට ගෙන තිබේ.
යක්කල පොලීසිය මේ වෙන විටත් සොයාගෙන තිබෙන්නේ සැකකාරිය මීට පෙර අවස්ථා හතරකදී මෙලෙස සහල් මංකොල්ල කා ඇති බවටයි.
https://youtu.be/hhyyq_uvMSs