by Staff writer 11-06-2021 | 7:20 PM
COLOMBO (News 1st) - පාඩු ලබන රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව යළි සක්‍රීය තත්ත්වයට පත් කිරීමට වහා කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නියෝග කර තිබේ.
අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, ඉංජිනේරු සංස්ථාවේ වත්මන් තත්ත්වය පිළිබඳව අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදීය.
යහපාලන ආණ්ඩු කාලය තුළ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ඔස්සේ අත්තනෝමතික ලෙස ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වී ඇති අතර ඒවායෙන් ලැබිය යුතු රුපියල් බිලියන ගණනක් මේ දක්වා ඉංජිනේරු සංස්ථාවට ලැබී නොමැති බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.