COLOMBO (NEWS1ST) : වව්නියාව, පුදූර් ප්‍රදේශයේ මසකට වඩා වැඩි කාලයක් එක්තැන්ව ප්‍රතිකාර ලබමින් සිටි දළ ඇතා අද (11) දහවල් ජීවිතක්ෂයට පත්ව තිබේ.
පරිසරවේදීන් පවසන්නේ මෙම ඇතාගේ මරණයත් සමග වන ඇතුන් පිළිබඳව වගකිවයුතු ආයතනවල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්න රැසක් මතුවන බවයි.
මෙම ඇතා තුවාල ලබා වැටී සිටියේ වව්නියාව, පුදූර් ප්‍රදේශයේ කුඹුරකයි.
වන ජීවි නිලධාරීන් පැවසුවේ, මෙම දළ ඇතාගේ කොඳු නාරටිය ආශ්‍රිතව හටගත් රෝගාබාධ තත්ත්වයකින් කලෙක සිට එක්තැන්ව පීඩා විඳි බවයි.
බැකෝ යන්ත්‍ර යොදා ඇතා නැගිට්ටවා ප්‍රතිකාර කිරීම පෙරේදා දිනයේ ආරම්භ කෙරිණ.
අද මෙම ඇතා මියගියේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරයි.
මේ අතර ඇතාට ප්‍රතිකාර කළ ස්ථානයට පසුගිය දින 2 පුරාම පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන්, රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සහ නීති විරෝධි අන්දමින් අලි ඇතුන් ළඟ තබාගැනීම ඇතුළු අධිචෝදනා රැසක් යටතේ නඩු පවරා ඇති සමරප්පුලිගේ නිරාජ් රොශාන් හෙවත් අලි රොෂාන් නමැත්තා ද පැමිණ සිටින ඡායාරූප සාමාජ මාධ්‍ය තුළ හුවමාරු වේ.
මෙම ඇතාට ප්‍රතිකාර කිරීමට පැමිණි පිරිස අතර එවැනි කටයුත්තකට දායක වීමට නීතියෙන් අවසරයක් නොමැති පුද්ගලයින් රැසක් සිටින බව එම ඡායාරූප හෙළි කරයි.
මේ ආකාරයෙන් වනජීවී නිලධාරීන් භාරයේ සිටි ඇතෙකුට ප්‍රතිකාර කිරීමට බාහිර පාර්ශ්වයක් මැදිහත්වූයේ කෙසේ ද?
ඒ පිළිබඳව වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසන්නේ මෙවැන්නක්...
''දිලුම් නම් ගියේ ජනාධිපතිතුමා මොකක් හරි උපදේශයක් දුන්නා. එතනට යන්න. අලි රොෂානුයි දිලුම්යි අතරෙ මොකක් හරි සම්බන්ධයක් තියෙනවා ද කියලා මට පෙන්න් නෑ. මෙතන දැන් භික්ෂූන් වහන්සේ දෙනමකුත් කතා කළානේ. මාගල්කන්දේ ඔය හාමුදුරුවොත් හිටියා නේ ඔතන මුලින්. හාමුදුරුවෝ මගෙන් ඉල්ලීමක් කළා. මේ විදියට මෙතන ඉන්නවා . ඇතා සුවපත් කරන්න අපිට ඉඩ දෙනවාද කියලා. පස්සේ මම අපේ ඩීජී මහත්තයාට කිව්වා නීත්‍යානුකූලව අවසරයක් දෙන්න පුළුවන්කමක් තියෙනවා නම් , අපිට ජීවත් කරවන්න බැරි නම් අපිට ජීවත් කරවන්න පුළුවන් ක්‍රමයකුත් කියෙනවා නම්, කාගෙ ළඟ හරි ඒක පාවිච්චි කරන්න ඉඩ දෙන්න ගැටලුවන් නෑ කියලා. මට පොඩි සැකයක් තිබුණා. මම කිව්වා එහෙම කවුරුවත් ගෙන්නනන් බෑ කියලා. නෑ නෑ එහෙම අපි ඒගොල්ලෝ ගෙන්වන්නේ නෑ කියලා කිව්වා. වනජීවී දෙපාර්තමේන්තුවේ හිටියේ චන්දන අතපත්තු කියලා දෙනෙක්, අන්න එයා එක්ක තමයි මට පේන්නේ ඇවිල්ලා තියෙන්නේ අලි රෝෂාන් කියන හාදයා. එයත් එක්ක නඩුවක් තියෙනවා. අපේ දෙපාර්තමේන්තුවේ ඒ නිසා විත්තිකරුවෙක් එක්ක සදාචාරානුකූලව නීත්‍යානුකූලව ගනුදෙනුවක් කරන්න බෑ කාටවත්''
පරිසරවේදී නයනක රන්වැල්ල මහතා පවසන්නේ, සිරගෙවල්වල සිටිය යුතු පිරිස් වනාන්තරවලට පැමිණ අලි ඇතුන්ට වෙද හෙදකම් කිරීමට හෝ ඒ මුවාවෙන් ඔවුන්ගේ ජාවාරම්වලට එළඹීම ඉතා භයානක තත්ත්වයක් බවයි.
ඇතෙකු මේ අයුරින් ඔසවාගෙන යාම සුදුසුද?
එය ඇතාගේ ජීවිතයට කරන බලපෑම කෙබඳුද?
මේ ඇතාගේ මරණය තවත් ඇත් දළ ජාවාරමක සුල මුල හෙළිවන්නක් ද?
සැබවින්ම පරිසරයට ආදරය කරන මිනිසුන් මැදිහත්වූයේ නම් මේ ඇතා තම ජීවිතය අවසන් කරන්නට තිබුණේ වනාන්තරයක අභිමානවත් ලෙස නොවේ ද?